Mini hatchback වර්ගයේ car එකක් උනත් මේ රථය තරමක් මිලෙන් නම් වැඩියි. Fully Hybrid රථයක් නිසා ඉන්ධන පිරිමැස්ම ගැනනම් බලාපොරොත්තුවක් තියන්න පුළුවන් වාහනයක්. Prius එකකට වඩා ඉන්ධන කාර්යක්ෂමතාව ඉහලයි. Ground Clearance (වාහනයත් පොළොවත් අතර උස) තරමක් අඩු නිසා වාහනය වලවල් සහිත රළු පාරවල් වල යනවනම් තරමක් සැලකිලිමත් වීම වැදගත්. 1500cc Hybrid එන්ජිමක් තියෙන නිසා හොඳ ජවයක් තියෙන වාහනයක්.
නමුත් Hybrid හැම වාහනයකම පොදු දුර්වලතාවක් වෙන pickup එක නම් තරමක් අඩුයි. එත් එකක්ම තරමක ගැස්සෙන ස්වභාවයකුත් තියෙනවා කියලා සමහර අය කියන කතාවක්. ඇතුලත ගැන කතා කරොත් අඩු පෙනුමකින් සැකසුනු plastic interior එකක් තමයි මේ වාහනයේ තියෙන්නේ. ඇතුලත ඉඩකඩ, සැප පහසුව මදිකම වගේ දුර්වලතා තියෙන බව තමයි ගොඩක් අය කියන්නේ.
එත් ඉතින් Toyota වාහනයක් නිසාත් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවක් තියෙන නිසාත් මේ වාහනයට ලංකාවේ හොඳ ඉල්ලුමක් තියෙනවා.
මේ රථය L , S, G , G -sport , X urban ලෙස ග්රේඩ්ස් රැසකින් ලංකාවේ භාවිත වෙනවා. මේ වාහන වල පෙනුම අතින් සමානකමක් තිබුනත් එකිනෙකට වෙනස් අංග බොහොමයක් තියෙනවා. අපි දැන් ඒ වෙනස් කම් ගැන කතා කරමු.
L ග්රේඩ්- මේ වාහනයේ තරමක් options අඩු වහනයක් විදියට තමයි සලකෙන්නේ. power shutter ඉදිරිපස seats වලට තිබුනත් පිටුපස seats වලට ලැබිලා නෑ. ඒවගේම පිටුපස වීදුරුවට wiper එකක් එන්නෙත් නෑ. L ග්රේඩ් වාහනය අනෙක් ග්රේඩ්ස් වල වාහන වලට වඩා තරමක් බරින් අඩු නිසා ඉන්ධන කාර්යක්ෂමතාව ඉහලයි. spare wheel එකක් L ග්රේඩ් වාහන වලට විතරක් ලැබීමත් තරමක් වාසිදායි වෙනවා. basic options සමග smart key වගේ options මේ වාහනයේ දකින්නට පුළුවන්.
S ග්රේඩ් – මේ වාහනය ගැන කතා කරොත් L ග්රේඩ් වල නැති සියලුම පහසුකම් සමග push start පහසුකම ලැබිලා තියෙනවා.
G ග්රේඩ් – multi function steering, cruise control ග්රේඩ් වල වාහන දකින්නට ලැබෙන options වලින් කිහිපයක්.
G sport , G leather edition කියන ග්රේඩ්ස් තරමක sporty look එකක්‌ දෙන්න body skirts මෙන්ම daytime running lights, leather interior වගේ පහසුකම් දකින්නට ලැබෙනවා.
X urban ග්රේඩ් වාහනයේ විශේෂත්වය හොඳ ground clearance එකක් තියෙන නිසා බයක් නැතුව තරමක් රළු පාරවල් වල ගමන් කරන්න පුළුවන් නිසා.
මේ හැම වාහනයක් ම options අතින් සුළු සුළු වෙනස්කම් වෙන්න පුළුවන්. Toyota Lanka සමාගමෙන් ආනයනය කරන brand new Aqua රථය Prius-C කියලා සාමාන්ය Aqua පෙනුම තියෙන තරමක් advanced වාහනයක් තියෙනවා. dual air bags එක්ක curtain air bags මේ වාහනයේ අන්තර්ගත වෙනවා. මීට අමතරව traction control , vehicle stability control , multi information display වගේ උපාංග රැසක් අඩංගු වෙනවා
Published On: November 17th, 2020 / Categories: Reviews /

Subscribe To Receive the latest articles

Provide your email with us. We will email you the latest tips and articles.

Thank you for your message. It has been sent.
There was an error trying to send your message. Please try again later.

We do not share your email with outsiders.