සැප පහසු මෙන්ම හොඳ ඉන්ධන පිරිමැස්මක් තියෙන නිසාත් ආරක්ෂාව අතින් ද ඉහල මට්ටමට පවතින නිසාත් මේ wagon R රථය ගොඩක් ප්රසිද්ධ වෙලා තියෙනවා. ප්රමාණයෙන් තරමක් කුඩා උනත් අතුලත හොඳ ඉඩකඩක් තියෙන නිසා 4 දෙනෙකුට කරදරයක් නැතුව ගමන් කරන්න පුළුවන්.
660cc වගේ පොඩි engine එකක් තිබුනත් mild hybrid තාක්ෂනය නිසා අවශ්ය වෙලාවට ඉහළ ජවයකින් යුතුව ක්රියා කරනවා. එත් සමහර අයනම් කියන්නේ wagon R එක කඳු අදින්න හොරයි කියලා. නමුත් මේ රථයේ තියෙන options , safety ගැන බැලුවමත් මිල ගණන් සැසන්දුවමත් ගොඩක් අය මේ වහනය මිලදී ගන්න පෙළඹෙනවා.
අලුත් වාහනයක් නිසා වැඩිය කරදර වෙන්න ඕනෙත් නෑ. හොඳ ground clearance(පොළොවත් වහනයත් අතර උස -150mm) එකක් තියෙන නිසා වලවල් සහිත පාරක උනත් වෙන කාර් වල වගේ යට වදින ප්රවනතාව අඩුයි.
Safety package සහ Non Safety package කියලා වර්ග දෙකක් wagon R රථයේ තියෙනවා. Non Safety package එක සාමන්යයෙන් Safety package එකට වඩා තරමක් අඩු මිලට තමයි අලෙවි වෙන්නේ.
Dual sensor brake support
Lane departure warning
wandering alarm
Head-up display
කියන options Safety package එකේ දැක ගන්න පුළුවන්.
මේ options එකින් එක පැහැදිලි කරන්න ගියොත් දීර්ඝ විස්තරයක් කරන්න වෙන නිසා පසුවට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.
Safety package එක අවශ්ය නම් wagon R FX, wagon R FZ වාහන වල Safety package එක තියෙන වාහනයක් ගන්න පුළුවන්. නමුත් wagon R Stingray X, wagon R Stingray T(turbo) වාහන වල මේ Safety package එක අන්තර්ගත වෙලා තියෙන්නේ. වෙන රටවල් වල ප්රශ්නයක් නැති උනත් ලංකාවේ පාරවල් වල වාහන යන විදියට මේ Safety package එක ගැන ලොකු විශ්වාසයක් තියන්න නම් බෑ.
ප්රධාන වශයෙන් wagon R වල wagon R FX, wagon R FZ , wagon R Stingray X, wagon R Stingray T(turbo) කියලා models 4ක් තියෙනවා. බැලු බැල්මට මේ වාහන වල පෙනුමෙන් ලොකු වෙනසක් පෙන්න නෑ. head lights , tail lights වගේ පොඩි දේවල් තමයි තියෙන්නේ. මේ models වල තියෙන වෙනස්කම් පින්තුරයේ තියෙන වගුවෙන් පැහැදිලි කරගන්න පුළුවන්.
Published On: November 17th, 2020 / Categories: Reviews /

Subscribe To Receive the latest articles

Provide your email with us. We will email you the latest tips and articles.

Thank you for your message. It has been sent.
There was an error trying to send your message. Please try again later.

We do not share your email with outsiders.