වර්තමානයේ පාරවල් වල දකින්නට ලැබෙන සුලබ වාහනයක්. Hybrid වාහනයක් නිසාත් Toyota කියන නමටත් මේ වාහනය මිලදී ගන්නට මිනිස්සු පෙළඹිලා තියෙනවා.තරමක් පෙනුමෙන් විශාල මෙන්ම වටිනාකමක් පෙනෙන වාහනයක් කිව්වොත් නිවැරදියි. හොඳට ඉඩකඩ මෙන්ම සපපහසුවද තියෙන නිසා 5 දෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන් වාහනයක්. 155mm ක ground clearance එකක් නිසා රළු වලවල් සහිත පාරක් උනත් බාධාවකින් තොරව ගමන් කරන්න පුළුවන්.
මේ Axio Hybrid රථයේ පිටත පෙනුම sports look එකක් තියෙන නිසාත් ඉන්ධන පිරිමැස්ම අතින් ඉහල නිසාත් තරගකාරයෙක් වෙන Honda Grace රථයට වඩා ඉහල ඉල්ලුමක් මේ වාහනයට තියෙනවා කියල තමයි කියන්නේ. ඉන්ධන කාර්යක්ෂමතාව ගැන කතා කරනවානම් නගරබද ප්රදේශ වල ලීටරයකට 18km මෙන්ම කොළඹින් පිටත ලීටරයකට 25km පමණ බලාපොරොත්තු වෙන්න පුළුවන්.
DBA-NRE160 – 1300cc 2WD
DBA-NZE161 – 1500cc 2WD
DBA-NZE164 – 1500cc 4WD
DAA-NKE165 – 1500cc 2WD
DAA-ZRE162 – 1800cc 2WD Axio Fielder
DAA-NKE165 – 1500cc 2WD Hybrid
පෙනුම ගැන කතා කරොත් Toyota Axio එකේ Black interior එකක් තමයි තියෙන්නේ. මීට අමතරව model එක අනුව fabric, half leather seats එනවා.
මේ වාහනයේ safety ගැන කතා කරොත් air bags , curtain air bags, Traction control, ABS, Electronic Stability, Hill start assist වලට අමතරව
Lane departure warning.
Auto head light (High beam assist)
Automatic Braking
Car departure warning
False starting Warning අඩංගු වෙනවා.
මේ වහනයේ ග්රේඩ්ස් ගැන කතා කරොත් ලංකාවේ ජනප්රිය වෙලා තියෙන්නේ X, G හා WXB කියන ග්රේඩ්ස්. X ග්රේඩ් කියන්නේ තරමක් options වලින් අඩු මිලෙන්ද ටිකක් අඩු වාහනයක්. fabric seats සමග සාමාන්ය remote key එකක් තමයි මේ වාහනේ තියෙන්නේ. ඇතුලත chrome handles වගේ දේවල් මේ ග්රේඩ් වල වාහන වල දකින්නට ලැබෙන්නේ නෑ.
G ග්රේඩ් හා WXB වාහන වල X ග්රේඩ් වාහන වහනයේ පහසුකම් වලට අමතරව push start, chrome handles, half leather seats දකින්නට ලැබෙනවා. නමුත් WXB ග්රේඩ් වාහනයේ dark colored tail lights , side skirts , alloy wheels වගේ දේවල් වලින් sports look එකක් වාහනයට ලබා දීල තියෙනවා.
2018 අවුරුද්දේ ලංකාවට ආපු WXB අලුත් model එකේ cruise control, මෙන්ම back spoiler එකක් අඩංගු වෙනවා. මීට අමතරව
ඉදිරිපස fog lamp එක පිහිටීමේ පොඩි වෙනසකුත් තියෙනවා.
Published On: November 17th, 2020 / Categories: Reviews /

Subscribe To Receive the latest articles

Provide your email with us. We will email you the latest tips and articles.

Thank you for your message. It has been sent.
There was an error trying to send your message. Please try again later.

We do not share your email with outsiders.