ජපානයේ නිෂ්පාදනය කරලා තියෙන මෙම වාහනය බොහෝ කාලෙක ඉඳන් ලංකාවේ පාරවල් වල දකින්න තියෙන හොඳ වාහනායක්. එත් 2015 සිට ආනයනය කරන අලුත්ම Vitz එකට තරමක ප්රසිද්ධියක් ලැබිලා තියෙනවා. Toyota වාහනයකට කොහොමත් ලංකාවේ නමක් තියෙනවනේ. 2015 සිට මේ කාලය වෙනකොට අලුත් Vitz models 2ක් ලංකාවට ඇවිල්ලා තියෙනවා.
බැලු බැල්මට මේ models දෙක ලොකු වෙනසක් නෑ. ඉදිරිපස bumper සහ පිටුපස tail lights වලින් තමයි පෙනුමෙන් දකින්නට තියෙන්නේ. අලුත් model එකේ dickey එක පුරාවටම විහිදුනු පිටුපස lights දකින්නට ලැබෙනවා. වාහනයේ අපි හැමෝම දන්න power shutter, power mirrors air bags වගේ basic options දකින්නට තියෙනවා. මීට අමතරව safety package එකේ traction control, Auto head light, lane departure වගේ safety options බොහොමයක් දකින්නට ලැබෙනවා.
මීට අමතරව push start option එක එන වාහනත් තියෙනවා. මෙන්න මේ push start option එක සමහර අය ලංකාවට ගෙනල්ලත් සවිකරන අවස්ථා තියෙනවා. ඉතින් හොඳම දේ තමයි Toyota වහනයක් මිලදී ගන්න අදහසක් තියෙනවනම් Toyota Lanka එකෙන් Inspection Report එකක් ගන්න එක. වාහනේ හැම තොරතුරක්ම කියන්න බැරි උනත් දල වශයෙන් වාහනයේ තත්වය තමන්ට දැනගන්න පුළුවන්. මොකද නිෂ්පාදිත වර්ෂය, ධාවනය කරලා තියෙන දුර ප්රමාණය වගේ දේවල් කූට විදියට වෙනස් කරලා විකුනන්න තියෙන ස්ථාන ද තියෙන නිසා.
වාහනයේ එන්ජිම ගැන කතා කරොත් 1000cc සිලින්ඩර 3ක එන්ජිමක් තමයි මේ වාහනයේ තියෙන්නේ. ප්රමාණයෙන් කුඩා උනත් හොඳ ජවයක් තියෙන වාහනයක් කිව්වොත් නිවැරදියි. මේ සිලින්ඩර 3ක එන්ජිම නිසා තරමක දෙදරීමක් හා අනෙක් වාහන වලට වඩා තරමක් වෙනස් ශබ්දයක් තමයි මේ වහනයේ තියෙන්නේ.
1500cc Hybrid Vitz එකකුත් ලංකාවේ වෙළඳපොලේ තියෙනවා.
වාහනයේ ඇතුලත ගැන කතා කරොත් තරමක අඩු සැප පහසු පෙනුමක් තමයි දකින්න තියෙන්නේ. ඉදිරිපස අසන දෙකම head rest එකත් එක්කම නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි පිටුපස ආසන adjust කරන්න පුළුවන් head rests 3කින් සමන්විත වෙනවා.
ඉතින් මේ වාහනය සාමාන්ය පවුලකට පාවිච්චි කරන්න සැප පහසුව මෙන්ම ආරක්ෂාවද සහිත තරමක් අඩු මුදලකින් ගන්න පුළුවන් Toyota වහනයක්.
Published On: November 17th, 2020 / Categories: Reviews /

Subscribe To Receive the latest articles

Provide your email with us. We will email you the latest tips and articles.

Thank you for your message. It has been sent.
There was an error trying to send your message. Please try again later.

We do not share your email with outsiders.