ලංකාවේ පාරවල් වල බහුලව දකින්නට ලැබෙන වාහනයක් කිව්වොත් නිවැරදියි. Hachback වර්ගයට තමයි මේක අයිති වෙන්නේ. සාමාන්යයෙන් 5 දෙනෙකුට කරදරයක් නැතුව ගමන් කරන්න ඇතුලේ ඉඩකඩ තියෙනවා.
ඒවගේම තමයි හොඳ සැප පහසුවක් තියෙන නිසාත් ලීටරයකට 15km ත් 20km අතර ඉන්ධන කාර්යක්ෂමතාවක් තියෙන නිසාත් මේ වාහනය අරගන්න පෙළඹීමක් තියෙනවා. සිලින්ඩර 3ක 1000cc එන්ජිමක් තිබුනත් කඳු ප්රදේශයක උනත් අපහසුවකින් තොරව ගමන් කරන්න පුළුවන් කියල තමයි කතාබහ වෙන්නේ.
එවගේම තමයි 165mm පමණ හොඳ ground clearance(පොළොවත් වාහනයත් අතර උස) නිසා වලවල් සහිත රළු පාරක උනත් බයක් නැතුව යන්න පුළුවන්. ප්රමාණයෙන් තරමක් කුඩා වහනයක් හින්දා සාමාන්ය පවුලේ වාහනයක් විදියට පාවිච්චියට සුදුසුයි.
මේ වාහනයේ ඇතුලත ගැන කතා කරොත් fabric interior එකක් තමයි දකින්න ලැබෙන්නේ. ඒවගේම අපහසුවක් නැතුව යන්න හැම ඉදිරිපස මෙන්ම පිටුපස ආසන වල headrests තියෙනවා. power shutter , power mirror , air bag වැනි basic options මේ වාහනයේ අන්තර්ගත වෙනවා. මීට අමතරව මේ වාහනයේ ග්රේඩ් එක අනුව විශේෂ වුනු අමතර options ලැබෙන්න පුළුවන්.
ප්රධාන වශයෙන් මේ වාහනයේ Lxi , Vxi , Zxi ග්රේඩ්ස් තුනක් තියෙනවා. මේ වාහන වර්ග තුනම ලංකාවේ දකින්න පුළුවන්. පිටුපස තියෙන badge එකෙන් ග්රේඩ් එක මොකද්ද කියලා දැනගන්න පුළුවන්. මීට අමතරව වාහනය දැක්කම අඳුනගන්න පුළුවන් වෙනස්කම් කිහිපයකුත් තියෙනවා. පින්තුරයේ තියෙන වගුව නිරීක්ෂණය කරොත් වෙනස්කම් සොයාගන්න අමාරු වෙන එකක් නෑ කියලා හිතනවා.
AMW සමාගමෙන් ගෙන්නන අලුත්ම Celerio Zxi X රථය තරමක් අනෙක් වාහන වලට වඩා ආකර්ශනීය ලෙස නිර්මාණය කරලා තියෙනවා. black side skirts වලින් sports look මෙන්ම වාහනයේ ප්රමාණය තරමක් වැඩි කරලා පෙන්වනවා.
Published On: November 17th, 2020 / Categories: Reviews /

Subscribe To Receive the latest articles

Provide your email with us. We will email you the latest tips and articles.

Thank you for your message. It has been sent.
There was an error trying to send your message. Please try again later.

We do not share your email with outsiders.