⚙️මේ පිටවෙන දුම් වල පාට අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන් උනොත් ලෙඩේ තියෙන්නේ කොහෙද කියල හරියටම හිතාගන්න පුළුවන්. ඉතින් දැන් අපි විවිද වර්ණවලින් පිටවන දුම් කුමන දෝෂයක් නිසා හටගන්න පුලුවන්ද කියලා බලමු.😀😍
‼️⚠️කළු දුම.‼️⚠️
=================
🔧🔧ගොඩක් වෙලාවට ඔබට දකින්න පුළුවන් CTB බස් වල එහෙම. මෙහෙම වෙන්න ප්රධානම හේතුව තමයි අධික ඉන්ධන ප්රමානයක් එන්ජිම තුලට ගිහින් අසම්පුර්ණ දහනයක් වීම.
🔧🔧මොකද එන්ජිම ඇතුලේ වාතයත් සමග ඉන්ධන නියත අනුපාතයකට සකස් කිරීම මගින් තමයි උපරිම ඉන්ධන පිරිමස්මක් සමග හොඳ ජවයක් වාහනයට ලබා දෙන්නේ.
ඇයි මෙහෙම වෙන්න
🔧🔧ඉන්ජෙක්ටර් වල දෝෂ, කබියුරේටර් වල තියෙන දෝෂ, පිස්ටන් sleeves ගෙවීම වගේ දේවල් හේතු වෙන්න පුළුවන්. කළු දුමත් එක්ක එන්ජිම අදින්න හොර ගතියක් මේ හේතුවෙන් ඇතිවෙන්න පුළුවන්.
‼️⚠️නිල් හෝ අළු පැහැති දුම.‼️⚠️
=============================
🔧🔧ගොඩක් වෙලාවට වාහනයේ එන්ජින් oil අඩු වෙනවා වෙන්න පුළුවන්. එත් කොහෙවත් කාන්දුවීමක ලක්ෂණ දකින්න නැතිවෙන්න පුළුවන්.
🔧🔧මෙහෙම දෙයක් ඔබට දැනුනොත් බලන්න වාහනෙන් නිල් හෝ අළු පාටට හුරු දුමක් පිට වෙනවද කියල. එහෙම උනොත් එන්ජිමේ තියන oil සිලින්ඩර වලට ඇතුල් වෙලා කියලා හිතන්න පුළුවන්. මොකද කාලයත් එක්ක සිලින්ඩර් ඇතුලට oil මිශ්ර වීම වලක්වන පිස්ටන් rings ගෙවී යාමත් එක්ක මෙහෙම දුම පිටවෙන්න පුළුවන්. 😀
🔧🔧එහෙම උනොත් අපිට එන්ජින් head එක ගලවල rings සෙට් එකක් අලුතින් දාගන්න පුළුවන්.
🔧🔧මේකෙන් භයානක ප්රතිපල ඇතිවෙන්නත් පුළුවන්. මොකද ඉන්ධන සමග oil දහනය වෙන්න පටන්ගත්තොත් ආයේ යතුරෙන් නවත්තනවා බොරු. manual වාහනයක් නම් ඉහළ gear එකකට දාල clutch එකෙන් නවත්තගන්න පුළුවන්. නැත්තන් කරන්න වෙන්නේ air filter එක හොඳ තෙත රෙදිකෑල්ලකින් වාහන එක. 😀
ඉක්මනින් පිළියම් කරොත් කරදාරයක් නෑ ඉතින්. 😀😍
‼️⚠️සුදු පැහැති දුම‼️⚠️
=====================
🔧🔧වාහනේ පදවන කොට සුදු පාට දුමක් එනවනම් පොඩ්ඩක් බලන්න radiator එකේ coolant එහෙමත් නැත්තම් වතුර කිසිම කාන්දුවක් නැතුව ගොඩක් අඩු වෙනවද කියලා.
🔧🔧සුදු දුම ඇතිවෙන්න ප්රධාන හේතුවක් තමයි gasket වල තියෙන ප්රශ්න. gasket යන්නත් ගොඩක් වෙලාවට හෙතු වෙන්නේ වතුර හරි coolant හරි මද කම නිසා එන්ජින් එක අධික ලෙස රත් වෙන නිසා කියල ගොඩක් අය දන්නවනේ. 😀
🔧🔧තව දෙයක් තමයි වාහනේ හරියට එන්ජිම tune නැතිකම, එහෙමත් නැත්තම් timing belt වල තියෙන දුර්වලතා.
🔧🔧ඉතින් මෙහෙම සුදු දුම එනවා නම් හොඳ කාර්මික මහතෙක් ලවා පරික්ෂා කරවගන්න එක තමයි සුදුසුම වෙන්නේ.
‼️⚠️වතුර පිටවෙන්නේ ඇයි?? ‼️⚠️
=============================
🔧🔧අන්තිමටම කතා කරන්නේ silencer එකෙන් වතුර පිට වෙන එක ගැන. මෙහෙම දුම යන්න ඕනේ silencer එකෙන් වතුර පිටවෙනකොට දන්නේ නැති අය බය වෙන්නත් පුළුවන්.
🔧🔧මේකට කියන්න තියෙන්නේ ඔයාගේ වාහනේ කිසිම ප්රශ්නයක් නෑ කියන එක තමයි. හොඳට එන්ජින් එක tune වෙලා තියන නිසා සම්පුර්ණ දහනයක් වෙලා වතුර ලෙස silencer එකෙන් පිට වෙනවා.
Published On: November 17th, 2020 / Categories: Services, Tips /

Subscribe To Receive the latest articles

Provide your email with us. We will email you the latest tips and articles.

Thank you for your message. It has been sent.
There was an error trying to send your message. Please try again later.

We do not share your email with outsiders.