battery
එකේ පවතින දෝෂ නිසා වාහනය start කරගන්නවත් බැරි නිසාවෙන්. වාහනයේ battery එකේ දෝෂ, alternator එකේ පවතින දෝෂ හෝ starter motor එකේ පවතින දෝෂ නිසා වාහනය start කිරීමේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්.
⚠️⚠️ගොඩක් අයගේ මේ පිලිබඳ තියෙන අඩු දැනුම නිසා “battery එක බැහැල තියෙන්නේ අලුත් එකක් දාගන්න වෙයි” වැනි බොරු විශාල වියදමක් දරන්න වෙන රැවටීම් වලට හසු වෙන්න පුළුවන්.
⚙️⚙️මුලින්ම අපි නිවසේදී අපිට කරන්න පුළුවන් battery එක පරිස්සම් කරගන්න දිගුකල් පාවිච්චි කරන්න කල යුතු දේවල් ටිකක් කතා කරමු.
🔧Battery terminals හොඳින් පිරිසිදු කිරීම.
=================================
⚠️terminals ගලවා පිරිසිදු කරනවානම් වඩා සුදුසුයි. battery එකක් ගලවන විටසැමවිටම (-) ඍන terminal එක මුලින් ගලවීමට වග බලාගන්න. මොකද (+) terminal එක මුලින් ගලවන්න යනකොට යතුරු යකඩ කොටස් මත ස්පර්ශ වීම නිසා විදුලි කාන්දුවීමක් ඇති වෙන්න පුළුවන්.
⚠️ගලවාගත් පසුව wire brush එකක් පාවිච්චි කරලා හොඳින් මලකඩ ඉවත් කරන්න. ඉන්පසු baking soda (1:1) හෝ උණුවතුර දමා හොඳින් බුරුසුවක් පාවිච්චි කරලා සෝදන්න.
🔧මලබැඳීමෙන් හා ලුණු බැඳීමෙන් ආරක්ෂා කිරීමට.
==========================================
⚠️මල හෝ ලුණු බැඳුනු විට start කිරීමේ අපහසුතා හෝ start කරන්න බැරිවෙන්න පුළුවන්. එනිසා battery කඩවල් වල ගන්න තියෙන ග්රීස් වැනි ද්රව්යක් හොඳින් ආලේප කරල දිගුකලක් මල හා ලුණු බැඳීමෙන් ආරක්ෂා කරගන්න පුළුවන්.
🔧battery වතුර නිතිපතා පරික්ෂා කිරීම.
=================================
⚠️battery වතුර අඩුවෙන් තිබීම නිසාද කල්පැවැත්ම අඩුවෙන්න පුළුවන්. අඩුම තරමේ මාස 3කට වතාවක් වත් battery level එක පරික්ශා කරන එක සුදුසුයි.
⚠️සෑම cell එකකම තියෙන acid මට්ටම ඇතුලත තියෙන පටි වලට ඉහලින් තිබිය යුතුය. ඒවගේම වැඩියෙන් පුරවන එකත් සුදුසු නෑ . මොකද උතුරලා ගිහින් මුළු එන්ජිම පුරාම විසිරෙන්න පුළුවන්.
⚠️කඩේ ගන්න තියෙන battery acid බෝතලයක් ම නැතත් distilled water (වාෂ්ප වෙන තෙක් උණු කර නිවාගත් ජලය) එකතුකරාට ප්රශ්නයක් නෑ . නමුත් tap වතුර භාවිත නොකර යුතුයි.
🔧නිසියාකාරව සවිකිරීම
====================
⚠️battery කිසිවිටකවත් වාහනයට හොඳින් සවිනොකර ධාවනය නොකළ යුතුයි.මොකද දෙදරීම් වලට දිගින් දිගටම හසුවීම නිසා battery එක තුල පවතින cells කැඩිලා දිගුකලක් භාවිත කරන්න බැරි වෙන්න පුළුවන්. ඒවගේම තමයි නැමෙන ලෙස ගොඩක් තද කරන්නත් හොඳ නෑ .
🔧වාහනය නිතර පාවිච්චි නොකරනවානම්.
====================================
⚠️සමහර අය වාහනය එලියට ගන්නේ සාමන්යයෙන් සති දෙකකට මාසෙකට සැරයක් වගේ. නමුත් අඩුම battery එක හොඳින් charge වෙන්න සතියකට විනාඩි 20කවත් යන්න පුලුවන්නම් හොඳයි.
⚠️ගොඩක්ම හොඳ ක්රමයක් නොවුනත් ධාවනය නොකර සියලුම electronic උපාංග off කරලා විනාඩි 20ක් තියන්න පුලුවන්නම් ඒත් battery එකට හොඳයි.
⚠️දීර්ග කාලයක් වාහනය භාවිත නොකරනවානම් battery එක ගලවා හොඳින් charge කරලා acid ඉවත් කර ඒ වෙනුවට වතුර පිරවීමෙන් වැඩි කලක් battery එක කල් තබා ගන්න පුළුවන්.
⚙️⚙️battery ආයුකාලය හා දෝෂ හඳුනා ගැනීමේ ක්රම.
========================================
⚠️මෙය ඔබට නිවසේදීම උනත් පරික්ශා කරන්න පුළුවන්. සියලු electronic උපාංග සමග එන්ජිම නවතා තිබෙන විටෙකදී voltmeter එකක් ආධාරයෙන් අපිටම check කරගන්න පුළුවන්. සාමාන්ය හොඳ battery එකක 12V-12.6V ක වොල්ටීය තාවක් පෙන්නුම් කරන්න ඕනේ.
⚠️ඒවගේම තමයි වාහනය start කරලා තියෙන අවස්තාවක සියලු electronic උපාංග සහිතව 14.6V ක පමණ වොල්ටිඉයතාවක් හොඳ alternator එකක් සහිත වාහනයක තියෙන්න ඕනේ. මොකද battery එක කොච්චර හොඳ උනත් වැඩක් නෑ alternator එකෙන් හරියට battery එක charge කරන්නේ නැත්තම්. battery එක මාරු කරන්න කලින් ඒ පිළිබද සැලකිලිමත් වෙන්න ඕනේ.
⚠️ඒවගේම battery එකක් මාරු කරන්න කලින් වාහනයේ කොතැනක හරි short circuit එකක් තියෙනවද කියලත් සොයා බලන එක වදගත්. මොකද battery එක බහින්න එකත් ලොකු හේතුවක් වෙන නිසා.
⚠️starter motor , heater plugs වැනි දේවල් වල නිසි ක්රියාකාරිත්වයක් නැති හේතු නිසාද වාහනය start කරන්න අපහසුතා ඇතිවෙන්න පුළුවන්.
⚠️alternator, starter motor, ignition coils, spark plugs ගැන ඉදිරි ලිපි වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.මොකද එන්ජිමේ පණගැන්වීමට battery එකට සමාන දායකත්වයක් මේවයින් දරන නිසා.
⚠️ඉතින් තියෙන battery එක ආරක්ෂා කරගන්නත් අලුත් battery එකකට මාරු වෙන්නත් කලින් සැලකිලිමත් විය යුතු කරුනුත් ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා.
Published On: November 17th, 2020 / Categories: Services, Tips /

Subscribe To Receive the latest articles

Provide your email with us. We will email you the latest tips and articles.

Thank you for your message. It has been sent.
There was an error trying to send your message. Please try again later.

We do not share your email with outsiders.