manual transmission වාහනයකනම් 1 සිට 5 හෝ 6 වෙනකම් ගියර් සඳහන් වෙලා තියෙනවනේ. එත් auto transmission තියෙන වාහනයක එකින් එක ගියර් මාරු කරන්න විදියක් නෑනේ . ගොඩක් අය දන්නේ D එකට දාල ඉස්සහරට යන්නයි R එකට දාල reverse කරන්නත් P එකේ වාහනය නතර කරන්නත් තමයි.
🔥එත් manual gear box එකක වගේම අපිට අවශ්ය gear එකකට මාරු කරගන්න හැකියාව තියෙනවා. දැන් අපි මේ gears පිළිබඳව එකින් එක කතා කරමු.
P = park 😃😃
හැමෝම දන්නා gear position එකක් තමයි මේක. වාහනය නවත්තල engine එකත් නතර කරාට පස්සේ වහනයේ යතුර ගලවන්න පුළුවන් වෙන්නේ මේ gear එකට දැම්මොත් විතරයි.
🔥key less entry තියෙන වාහන වලත් වාහනය P එකේ නැතුව වැරදි gear එකක තියෙනවනම් dashboard එකේ indicate කරනවා වගේම වාහනය lock කරන්නත් බැරි වෙනවා.
🔥තව දෙයක් තමයි P position එකෙන් gear එක මාරු කරන්න අපිට brake peddle එක පාගන්න වෙනවා.
R = Reverse
D = Drive
N = Neutral
මේ ගැන නම් කියල දෙන්න දෙයක් නෑනෙ ඉතින්.😃😃😃
⚠️දැන් අපි අමතරව තියෙන gears ගැන කතා කරමු.⚠️⚠️
===============================================
⚠️S = 2nd gear හෝ sports mode
මේක ගොඩක් දෙනා දන්නේ නැති gear position එකක්. මේකෙදි වාහනයේ නිෂ්පාදකයා මත තමයි S එකෙන් වෙන්නේ මොකද්ද කියල දැනගන්න වෙන්නේ.
⚠️2nd gear කියල අදහස් වෙන වාහනයක වෙන්නේ 1 සහ 2 කියන gears වල විතරක් පදවන්න හැකිවීමක්.
🔥ගොඩක් වෙලාවට කඳු ප්රදේශ වල ගමන් කරනකොට S gear එකේ ධාවනය කරන එක වාහනයටත් හොඳයි.
ඒවගේම අමාරුවක් නැතුව වාහනය හොඳට අදිනවා. තවත් වහනයක් ඉක්මනින් ඉස්සර කරගන්නත් මේ gear එකෙන් පුළුවන්.
🔥මොකද 2nd gear එකේ ලොකු ත්වරණයක් එහෙමත් නැත්තම් හයියෙන් පාගල ලොකු RPM අගයකින් වාහනය පොඩි වේලාවකදී ලොකු වේගයකට එන නිසා.
⚠️Sports mode කියල එන වාහන වල මේ gear එකෙන් engine එකේ සැහෙන්න වෙනසක් සිද්ධ කරනවා.
🔥high RPM වල තමයි ගොඩක් වෙලාවට gears මාරු වෙන්නේ.
🔥ලොකු බලයක් දීල වැඩි වේගයක් ගන්න මේ gear එක පාවිච්චි කරලා පුළුවන් වෙනවා.
🔥හැබැයි ඉන්ධන කාර්යක්ෂමතාව නම් ගොඩක් අඩුවෙනවා.
එහෙම sports mode එකක් වාහනයේ තියෙනවනම් එක වෙනම button එකක් හෝ වෙනත් කිසියම් විදියකින් ක්රියාකරවන්න පුළුවන් විදියට නිෂ්පාදනය කරපු වාහනත් දකින්න පුළුවන්.
⚠️L = low gear හෝ B = engine braking
🔥කොටින්ම කියනවනම් වාහනයේ 1st gear එක තමයි මේක. ලොකු බලයක් වාහන්යෙන් අරගන්න පුළුවන්
වෙන්නේ මේ gear position එකී තිබ්බොත් තමයි.
🔥ලොකු බරක් අදිනවා වගේනම් හරි ලොකු බෑවුමක් බස්සන්න වගේ අවශ්යනම් L හෝ S gear උපකාරී වෙනවා.
🔥ඒවගේම තමයි ගොඩක් උස කන්දක පදවන්නත් මේ gear එක සුදුසු වෙනවා.
⚠️OD = overdrive
🔥overdrive කියනකොටම නියමිත ප්රමාණයට වඩා වැඩියෙන් කියන තේරුමක් තමයි කියවෙන්නේ.
🔥මේ over drive position එක ගොඩක් වෙලාවට gear lever එකේ පොඩි button එකක් විදියට තමයි ගොදැක වාහන වල දකින්න ලැබෙන්නේ.
🔥නමුත් නිෂ්පාදකයා අනුව පිහිටන ස්ථානය වෙනස් වෙන්න පුලුවන්. මේක on ද off ද කියන එක ගොඩක් අය පටලගන්න තැනක්. button එක press කරලා තියෙද්දී O/D එක on වෙලා තියෙන්නේ.
එතකොට dashboard එකේ කිසිම indicate light එකක් පෙන්නන්නේ නෑ. හැබැයි button එක අපහු press කරාම O/D එක off වෙනවා. එතකොට dashboard එකේ O/D off කියලා light එකක් පත්තු වෙනවා.
⚠️මේ button එකෙන් ඇත්තටම මොකද කරන්නේ? ⚠️
🔥automatic gear box එකක් තියෙන වාහනයක අපිට එකින් එක gear මාරු කරන්න බෑ කියල අපි හැමෝම දන්නවනේ.
gears, 5ක් එන එන auto වාහනයක O/D off කරලා තියෙන වෙලාවක උපරිම වේගයක් ගත්තත් මාරු වෙන්නේ 4වන gear එකට විතරයි.
නමුත් O/D on කරලා අපිට වාහනය තවත් වේගයෙන් අඩු RPM අගයක පදවන්න පුළුවන්. සරලවම කියනවනම් O/D එකෙන් කරන්නේ උපරිම gear එකට දානවද නැද්ද කියන එක වාහනය දන්වන එක.
🔥Highway එකක වගේ යද්දී O/D එක on කරලා තියෙන එක වැදගත් වෙනවා.මොකද වාහනය වේගයෙන් යද්දී ගොඩක් වෙලාවක් ලොකු RPM අගය ධාවනය වෙද්දී එක gear box එක වගේම engine එකත් over heat වෙලා ප්රශ්නයක් වෙන්න පුළුවන්.
🔥කඳු පල්ලම් සහිත මාර්ගයක යනවනං O/D off කරලා යන එක සුදුසු වෙනවා.
🔥🔥තව ප්රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඕගොල්ලන්ට දැන් කොහොමද මේකේ තෙල් වැඩ කරන එක ගැන,
O/D ඔං කරලා තියෙනකොට තමයි වාහනයේ හොඳ තෙල් පිරිමස්මක් තියෙන්නේ.
⚠️Shift lock
🔥වාහනය start කරගන්න බැරි අවස්ථාවක් අවොත් එකියන්නේ වාහනයේ battery එක බැහැල නැත්තම් අනතුරක් හරි වුනොත් වාහනය හොලවන්න වත් බැරි වෙන්න පුළුවන්නේ.
අන්න එහෙම වෙලාවක shift lock එක ඔබාගෙන N position එකට gear එක දාගෙන වාහනය ගෙනයන්න පුළුවන් කරගන්න අපිට පුළුවන්.
⚠️⚠️හොඳම ප්රශ්නේ?⚠️⚠️
වාහනයක් පල්ලමක neutral කරන්න හොඳද ?
manual උනත් auto උනත් ඉන්ධන ඉතුරු කරගන්න කියල neutral gear එකට දාන එක සුදුසු වෙන්නෙම නෑ .
🔥ප්රධානම හේතුව තමයි වාහනයේ පාලනය අපි අතින් ගිලිහෙන එක. තව දෙයක් තමයි රෝද කැරකෙනකොට වාහනයේ axle එහෙමත් කැරකෙන්න ගන්නවනේ.
ඊටපස්සේ එතනින් engine එකට gear box එකට මේ පිටතින් එන බලය ලෙඩ ගොඩකට හේතුවක් වෙන්න පුලවන්. මොකද gear box එක අතුලේ තියෙන දැති රෝද වලට එහෙම හානි වෙන්න පුළුවන් නිසා
Published On: November 17th, 2020 / Categories: Services, Tips /

Subscribe To Receive the latest articles

Provide your email with us. We will email you the latest tips and articles.

Thank you for your message. It has been sent.
There was an error trying to send your message. Please try again later.

We do not share your email with outsiders.