‼️‼️එන්ජිමෙන් ඇතිවන ශබ්ද ‼️‼️
================================
එන්ජිම start කිරීමෙන් පසු ඇසෙන ශබ්ද විවිද ඒවා වෙන්න පුළුවන්. අප කවුරුත් දන්නා පරිදි, එන්ජිම කියන්නේ වැදගත්ම කොටසක්නේ. ඒනිසා, එන්ජිමෙන් ශබ්දයක් ආවොත් වහාම එය පරීක්ෂා කළ යුතුයි. ✌️✌️හැකි ඉක්මනින් විසඳා ගන්නේ නැතුව නොසලකිලිමත්කමෙන් ගියොත් repair කරන්න වියදම් අධික වෙන්නත් පුළුවන්.
තව දෙයක් තමයි ආරක්ෂාවකුත් නෑ.
📌කරවෙච්ච එහෙමත් නැත්තම් ක්ෂය වෙලා ගියපු engine timing belt , fan belt , ac belt alternator belt වගේ belts වලින් පවා එන්ජිම ඇතුලෙන් ශබ්දයක් එන්න පුළුවන්.
📌සාමාන්යයෙන් timing belt එකක් නිෂ්පාදකයාගේ නිර්දේශිත කාලයෙන් හෝ නියමිත දුරෙන් හරි dashboard indicator පෙන්නුවොත් හරි මාරු කරන්න සැලකිලිමත් වෙන්න ඕනේ.
📌නැත්තම් යන ගමනක් මගදී කැඩුනොත් එන්ජිමට වෙන්න පුළුවන් හානිය ගොඩක් වැඩි. බෙලේට් එකට වතුර ටිකක් දාලත් සමහර අය තහවුරු කරගන්නවා. තව දෙයක් තමයි belts හරියට adjust වෙලා නැතිකම. එහෙම වුනාමත් සද්දයක් එන්න පුළුවන්.
‼️‼️තිරිංග පද්ධතියේ දෝෂ නිසා ඇතිවන ශබ්ද‼️‼️
============================================
📌වාහනය ටික දවසකින් පසු පාවිවිචි කරනකොට ටික වෙලාවක් ගත වෙනකං ටයර් ලඟින් ශබ්දයක් ඇවිත් නවතිනවානම් එක නොසලකා හරින්න පුළුවන්.
📌මොකද තෙතමනයත් එක්ක disk එක මලකඩ කාල තියෙන්න පුළුවන්. නමුත් දිගටම ශබ්දයක් ඇහෙනවනම් brake bind වීමක් වෙන්නවෙන්න පුළුවන්.
📌ඒනිසා ටිකක් සැලකිලිමත් වෙලා කාර්මි
කයෙක් ලවා පරික්ෂ කරවගන්න එක තමයි හොඳම.
📌ගෙවී ගියපු brake pads නිසාවෙන්ද තිරිංග යොදන අවස්ථාවේ ශබ්දයක් ඇතිවෙන්න පුළුවන්.
සමහර වාහන වල pads ගෙවුනම dashboard indicator එකෙන් ඒබව දැනුම් දෙනවා.
📌තව දෙයක් තමයි local එහෙම නැත්තම් ප්රමිතියෙන් තොර අඩු ගානකින් මිලට ගන්න පුළුවන් brake pads නිසාවෙන්ද මේ ශබ්ද ඇතිවෙන්න පුළුවන්. දිගින් දිගටම නොසලකිලිමත්කමින් ධාවනය කරොත් brake disk එක පවා ගෙවිලා ලොකු විදයම් වැඩක් වෙන්න පුළුවන්.
‼️‼️මෝටර් රථය හැරවීමිදී ඇතිවන ශබ්ද‼️‼️
======================================
📌අපි වාහනය හරවනකොට සද්දයක් එනවනම් මුලින්ම එහ සද්දය ඇහෙන ස්ථානය අපි දැනගන්න ඕනේ.එකියන්නේ ඉස්සරහින්ද පිටිපස්ස්සෙන්ද එහෙමත් නැත්තම් ටයර් වලින්ද වගේ.
📌ගොඩක් වෙලාවට මෙහෙම සද්දයක් ඉස්සරහින් ඇතිවෙන්නේ වාහනයේ CV joints වල තියෙන්න පුළුවන් දෝෂ නිසා.
📌සමහරවිට ග්රීස් මදිකමක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්තම් CV joints දැනටමත් ගෙවිල වෙන්න පුළුවන්. ලොකු ප්රශ්නයක් මුලදී නැති උනත් ඉක්මනින්ම හදා ගන්න එක තමයි සුදුසුම වෙන්නේ.
‼️‼️ටයර් වලින් ඇහෙන ශබ්ද‼️‼️
=============================
📌වාහනයේ wheel alignment වල තියෙන දෝෂ නිසා ටයර් වලින් ශබ්දයක් ඇතිවෙන්න පුළුවන්.
📌එතකොට ටයර් වල සමමිතික ගෙවීමක් නැති නිසා වාහනය නිකන් බකල් ගහන ස්වරූපයක් ගන්න නිසා විවිධ ශබ්ද ටයර් වලින් ඇතිවෙන්න පුළුවන්.
📌වාහනයේ ටයර් අපරාදේ නාස්ති වීමකුත් වෙනවා. හොඳම දේ තමයි අඩුම 5000km වත් wheel alignment එකක් කරගන්න එක.
‼️‼️වාහනය මැදින් ඇතිවෙන ශබ්ද‼️‼️
=================================
📌මේ ශබ්දය බොහෝ විට ඇතිවෙන්නේ rear wheel drive වාහන වල.
එහෙමත් නැත්තම් propeller shaft එකක් තියෙන වාහනයක. යට වැදීමක් නිසා ඇදවීමක් හෝ universal joints එහෙමත් නැත්තම් අපි ගොඩක් අය හඳුන්වන කුරුසේ ගෙවීම් නිසාවෙන්ද මෙහෙම වාහනය පදවන විට මැදින් ශබ්දයක් ඇතිවෙන්න පුළුවන්.
Published On: November 17th, 2020 / Categories: Services, Tips /

Subscribe To Receive the latest articles

Provide your email with us. We will email you the latest tips and articles.

Thank you for your message. It has been sent.
There was an error trying to send your message. Please try again later.

We do not share your email with outsiders.