. වතුර දැම්මොත් මොකද වෙන්නේ. 🧐🧐coolant වල එකෙක පාට තියෙන්නේ ඇයි. 🤨🤨මොනවද මේවයේ තියෙන වාසි අවාසි. 😎😎කොහොමද අපේ වාහනයේ තියෙන cooling system එක ආරක්ෂා කරගන්නේ වගේ වැදගත් වෙයි කියලා හිතෙන කරුණු ගොඩක් ගැන. 😍😍
⚠️Radiator එකට වතුර වෙනුවට coolant දැමීමට හේතු.⚠️
==============================================
🔥මෝටර් රථයේ cooling system එකෙන් කරන්නේ engine එක සහ අවට කොටස් සිසිල් කරන එක.
🔥coolant වතුරත් එක්ක මිශ්ර කරලා තමයි දාන්නේ.සාමාන්යෙන් වතුර:coolant , 50/50 එකතු කිරීම සුදුසුයි. මෙහෙම මිශ්ර කරලම තියෙන coolant වර්ගත් කඩෙන් අපිට සල්ලි වලට ගන්න පුළුවන්.🤩🤩
🔥radiator එකෙන් කරන්නේ engine එක cool කරන එක කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ . හිම මිදෙන තරම් සීත කාලයක් අපිට නැති නිසා coolant වල තියෙන anti-freeze තත්වය වෙඩක් වෙන්නේ නෑ . ඒත් boil වීමක් වගේ අවස්ථාවක වතුර වගේ ඉක්මනින් වාෂ්ප වෙලා යන්න තියෙන ඉඩකඩ coolant වල අඩුයි.🤓🤓
🔥radiator එකට වතුර විතරක් දැම්මොත් වෙන්නේ වතුරත් එක්ක මිශ්ර වෙලා තියෙන අනිකුත් ද්රව්ය නිසා යකඩ මල බැඳීමකට ලක් වෙන්න පුළුවන්.👌👌
🔥තව දෙයක් තමයි ඇහැට පෙන්නේ නැති පුංචි දේවල් වතුරත් එක්ක එකතු වෙලා radiator එකේ ඇතුලේ තැන්පත් වෙන්නත් පුළුවන්.
🔥කොහොමහරි අන්තිමට cores හිර වෙන්න පුළුවන්.
coolant වල තියෙන ප්රධානම වාසියක් තමයි මේ මල බැඳීම නැති කරන එක සහ ලෝහ කොටස් ආරක්ෂා කරන එක.
🔥හැබැයි කලින් කිව්වා වගේ coolent : වතුර නිසි අනුපාතයට තියෙන්න ඕනේ. මොකද වැඩිපුර වතුර තිබ්බා කියල ප්රයෝජනයක් වෙන්නේත් නෑ වැඩිපුර coolant දැම්මම ඝනකමත් වැඩි සල්ලිත් අපරාදේ.
⚠️Radiator එකේ කල්පැවැත්ම සහ ආරක්ෂාව සඳහා⚠️
===============================================
engine එකේ නිසි ක්රියාකාරිත්වයට නියමිත coolant level එකක් තියෙනව. radiator එකේ හරි horse එකක හරි තියෙන කාන්දුවීමකින් coolant level එක අඩුවෙන්න පුළුවන්. එහෙම උනොත් engine එක boil කරලා වෙන්න ඕනේ ඔක්කොමත් දේවල් වෙලා ඉවර වෙන්නත් පුළුවන්. අලුත් වාහන වලටනං මේවා එච්ච්ර අදාළ නෑ auto, engine එක නතර වෙන නිසා.
🔥expansion tank එක වගේම radiator එකේ මූඩිය වුනත් ගලවල නිතිපතා පරික්ෂා කිරීමෙන් මේවගේ කරදර අවම කරගන්න පුළුවන්.
🔥radiator cap එක එහෙම නැත්තම් මූඩිය බොහොම වැදගත් කොටසක් වෙනවා. මුඩියේ ප්රශ්නයක් තිබ්බත් coolant level එක අඩුවෙන්න පුළුවන්. ඒවගේම expansion tank එකත් එක්කත් ලොකු සම්බන්දතාවක් තියෙන නිසා radiator cap එක ගැන සැලකිලිමත් වෙන එක නුවනට හුරුයි.
🔥තව දෙයක් තමයි ඔහොම coolant ලෙවෙල් එක අඩුවෙනකොට පුරවද්දී coolant ජාති මිශ්ර නොකර ඉන්න එක වඩාත් සුදුසුයි. මොකද එක එක ඒවා හදල තියෙන්නේ වෙනස් රසායනික ද්රව්ය එකතු කරලා නිසා ඒවගේ ඒවත් ප්රතික්රියා කරල මොකක්හරි අවුලක් වෙන්නත් බැරි නෑ .
🔥හැබැයි මෙහෙම coolant ලෙවෙල් එක අඩුවෙන්නත් හේතුවක් තියෙන්න ඕනෙනේ. නතර කරලා තියෙන වෙලාවක බිම coolant වැටිලා තියෙන්න පුලුවන්. එතකොට leak එක කොහෙන්ද බලල හදාගන්න පුළුවන්නේ. හැබැයි gasket ගිහිල්ල තිබිල engine එක ඇතුලට coolant මිශ්ර වෙනවනං ටිකක් ලොකු අවුලක්. හැකි ඉක්මනින්ම හදාගන්න වෙයි.
🔥අපි service එකකදී oil මාරු කරනවා වගේ coolant වලටත් නියමිත කාලයක් තියෙනවා. ඒවගේම තමයි coolant වල පාට දුඹුරු පාටකට හුරුයි වගේනං එත් මාරු කරන්න කාලේ හරි.
🔥එහෙම coolant මාරු කරනවානම් full flush එකක් ඒ කියන්නේ cores එහෙම ඔක්කොම සුද්ද කරලා නැවත coolant පුරවන එක.
🔥coolant වර්ගත් විවිධ වර්ණ වලින් තියෙනව අපි දැකල තියෙනවා. ඒවායේ එකින් එකට අන්තර්ගත කරලා තියෙන රසායන ද්රව්යන් වෙනස් වෙනවා. අන්න එක නිසා තමයි පාට පාට ඒවා කලවම් කරන්න එපා කියන්නේ.
⚠️වෙළෙඳ පොලේ මිලදී ගන්න තියෙන coolant වර්ග⚠️
===============================================
⁉️Inorganic Additive Technology (IAT)
මේවා සාමාන්යයෙන් ටිකක් කලින් ආපු නිල් හෝ කොළ පාට coolant එක. 50000km වත් මාරු කරනවානම් හොඳයි.
⁉️Organic Acid Technology (OAT)
ලෝහ වලට තවත් වැඩි ආරක්ෂාවක් එක්ක තවත් වැඩි කාලයක් ඔරොත්තු දෙන්න තැඹිලි පාට coolant එක. 100000km උනත් ප්රශ්නයක් නෑ කියල තමයි කියන්නේ. ඒත් නිතිපතා පරික්ෂාවේදී හොයල බලන එක වැදගත්.
🔥මේ පාටත් නිෂ්පාදකය අනුව වෙනස් වෙනවා. එහින්ද IAT , OAT අනුව බලල ගත්තනම් හොඳයි.
BMW, BENZ LAND ROVER වගේ වාහනවලට වගේම අනිත් වාහන වලටත් නිෂ්පාදකය නිර්දේශ කරපු coolant වර්ගයක් තියෙනවා. නමුත් අද පාරේ තියෙන බොහොමයක් වාහන වල මේ තත්වය දකින්න නැති තරම්.
Published On: November 17th, 2020 / Categories: Services, Tips /

Subscribe To Receive the latest articles

Provide your email with us. We will email you the latest tips and articles.

Thank you for your message. It has been sent.
There was an error trying to send your message. Please try again later.

We do not share your email with outsiders.