වාහනවලට යොදන petrol ගැන සෑහෙන දෙනෙක් කතාවෙනව. 92 සහ 95 octane. වර්ග දෙක. පෙට්‍රල් වාහන පාවිච්චි කරන බොහෝ දෙනෙකුට මේ ප්‍රශ්ණය තියෙන්න පුළුවන්.
මේ වර්ගයේ පෙට්‍රල් ඔක්ටේන් 91 හෝ 92 ලෙස ශ්‍රේණිගත කරලා තියෙනවා.වාහනයේ ඉන්දන පියනේ ‘Unleaded Fuel Only’ කියලා ස්ටිකරයක් අලවලා තියෙනවනම් නම් ඒ වර්ගයේ වාහනවලට මේ පෙට්‍රල් යෙදීම සුදුසුයි.
Ethanol 10% පෙට්‍රල් වලට 10% ක ප්‍රතිශතක් එතනෝල් එකතු කරලා තමයි මේ ඉන්ධන වර්ගය හදල තියෙන්නේ. කාබියුරේටර් ආපු වාහනවලටනම් දැනුමේ හැටියට මේක අදාළ වෙන්නේ නෑ . නමුත් E 10 කියලා තියෙනවනම් එහ ඉන්ධන වර්ගය යොදන්න සැලකිලිමත් වෙන්න. ඔක්ටේන් 91 භාවිත වෙන වාහනයකට E 10 හොයාගන්න බැරි උනොත් ඔක්ටේන් 95 grade එකට යන එක සුදුසු වෙනවා. මොකද filters සහ injectors වලට හානි වෙන්න පුළුවන්.
ගොඩක් වෙලාවට යුරොපීය වාහන වලට භාවිත කරන්න වෙන්නේ මේ ඉන්ධන වර්ගය තමයි. නමුත් ‘Premium Unleaded Fuel Only’ කියලා ස්ටිකරයක් අලවලා තියෙනවනම් නම් ඒ වර්ගයේ වාහනවලට මේ පෙට්‍රල් යෙදීම සුදුසුයි. මෙහම සඳහන් කරලා තියෙන වාහෙනකට ඊට වඩා පහල ඒ කියන්නේ ඔක්ටේන් 91 වගේ භාවිතා කරොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
බොහෝ විට turbo charged හෝ super charged සහ Gasoline Direct Injection (GDI)සහිත මෝටර් රථ නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ වාහන සඳහා විශේෂයෙන් ඉල්ලා සිටින petrol වර්ගය ලෙස සඳහන් කරන්න පුළුවන්. අඩු ඔක්ටේන් ඉන්ධන යෙදීම මගින් piston තුල පිපිරීම් සහිතව දහනය වෙන්න පුලුවන්.
ඒවගේම එන්ජින් උෂ්ණත්වය ඉහළ යාමට පුලුවන්.ඒ විතරක් නෙවෙයි එන්ජිම තුල ඇති ලෝහ කොටස් ඔරොත්තු දිය නොහැකිව කැඩිලා යන්නත් පුළුවන්. 
Ethanol 85% ක් සමග ඉන්ධන මිශ්‍රණයක් තමයි මේක. ‘Fuel Flex’ කියලා සඳහන් කරලා තියෙන වාහන වලට පමණක් මේ ඉන්ධන වර්ගය භාවිත කරන්න සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද වෙන වාහනේකට ගහලා ආයේ start කරන්නත් බැරි වෙන්න පුළුවන්. 