ජපානයේ නිෂ්පාදිත මෙම රථය කුඩා රථය සැප පහසුව අතින් නම් ගොඩක් හොඳයි. එන්ජින් ධාරිතාව – 660cc පමණ කුඩා එන්ජිමක් තිබුනත් අපහසුවකින් තොරව කඳු නගින්න එහෙම පුළුවන්. ටිකක් පොඩි අයගේ වාහනයක් උනත් උපරිම සැප පහසුවක් සහ ආරක්ෂාවක් මේ වාහනයේ තියෙනවා.
ගොඩක් අය මේ වාහනය hybrid කිව්වට ඇත්තටම මේක hybrid වාහනයක් නෙමෙයි. ene-charge කියන්නේ සුසුකි වාහන වල තියෙන නවීන තාක්ෂණයක්. එකෙන් වෙන්නේ වාහනයේ තියෙන අනෙකුත් electronic උපාංග වලට අවශ්ය කරන ශක්තිය ලබා දෙන එකයි. තව දෙයක් තමයි වාහනය traffic එකක නවත්තලා තියෙන වෙලාවක ස්වයන්ක්රියව එන්ජිම නතර කරලා(auto idle stop) උපරිම ඉන්ධන පිරිමැස්මක් ලබාදෙනවා. හැබැයි AC cool එක වැඩි කරොත් හරි සුක්කානම කරකැව්වොත්, එහෙමත් නැත්තන් accelerator එක පැගුවොත් හරි අයෙත් engine එක on වෙනවා.එනිසා හොඳම දේ තමයි එවගේ දේවල් ඒවගේ වෙලාවට නොකරන එක.
මෙම රථය උපාංග අනුව L , S , X, RS turbo ලෙස grades 4 කින් ලංකාවේ දකින්න තියෙනවා. L grade වාහනය normal basic options ඒ කියන්නේ power shutter, ABS, Air bags වලින් සමන්විතයි. මීට අමතරව S, X, RS turbo grades වාහන වල rear wiper, back seat head rests බැලු බැල්මට හඳුනාගන්න පුළුවන්. අනෙක් වාහනවල වගේ කළු පාට පැති කන්නාඩි වෙනුවට X, RS වාහන වල body color එකට match වෙන විදියට වර්ණවත් පැති කන්නාඩි යොදා ගෙන තියෙනවා.
X සහ RS turbo grades දෙක බැලු බැල්මට සමාන හැඩරුවක් තමයි තියෙන්නේ. original factory fitted alloy wheel, rear spoiler, එවගේම scoop lights දකින්නට ලැබෙනවා. ඒවගේම තරමක sport look එකක් මේ grades වාහන වල දැකගන්නට පුළුවන් කමක් තියෙනවා.
Published On: November 16th, 2020 / Categories: Reviews /

Subscribe To Receive the latest articles

Provide your email with us. We will email you the latest tips and articles.

Thank you for your message. It has been sent.
There was an error trying to send your message. Please try again later.

We do not share your email with outsiders.