ඇත්තටම ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරන ප්රසිද්ධ වාහන වලින් එකක්. Honda වාහන sports feeling එකක් වගේම හොඳ driving feeling එකක් විඳින්න පුළුවන් වාහනයක්.
❗️HatchBack වර්ගයේ වෙන මේ වාහනය හොඳ ඉඩකඩක් මෙන්ම සැප පහසුවද අතින් ඉහලින් තියෙන වාහනයක්. Hybrid වාහනයක් වාහනයක් නිසා මේ වාහනයේ දළ වශයෙන් ලීටරයකට 25km වගේ ඉන්ධන කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
නමුත් විවිධ හේතු නිසාවෙන් වෙනස් වෙන්න පුළුවන්. සැප පහසුව අතින්නම් ගොඩක් හොඳ වාහනයක්. නමුත් ground clearance එක තරමක් අඩු නිසා වලවල් සහිත රළු පාරවල් වල ප්රවේශමෙන් ගමන් කරනවානම් හොඳයි.
❗️1500cc Hybrid එන්ජිමක් තියෙන නිසා කඳු පාරවල් වල අපහසුවකින් තොරව ගමන් කරන්න පුළුවන්. එමෙන්ම options ගැන කතා කරොත්
🔸Cruise Control
🔸Remote Fuel Filler Door Release
🔸multi function steering
🔸push start
🔸remote key less entry
මෙන්ම තවත් options ගණනාවක් මේ වාහනයේ තියෙනවා.
⚠️Honda Hybrid වාහන වල DCT (Dual Clutch Transmission) එකක් තමයි ලැබෙන්නේ. මෙන්න මේ තාක්ෂනය ලංකාවට තරමක් ඔරොත්තු නොදෙන කතාවක් තමයි කියන්නේ. මොකද දැනටමත් ගොඩක් වාහන වල මේ ප්රශ්නය තියෙනවා.
⚠️DTC පද්ධතිය රත් උනාම තමයි මෙහෙම වෙන්නේ. ගමනක් යද්දී රත් උනොත් dashboard එකේ indicate කරනවා. තව දෙයක් තමයි රථය පදවන අකාරයද මේ ගැටලුව ඉක්මනින්ම ඇතිවෙන්න හේතුවක් වෙනවා.
⚠️කඳු ප්රදේශයක ගමන් කරනකොට ECON mode එක off කරගෙන යනවනම් හොඳයි. තව දෙයක් තමයි traffic වෙලාවට වාහනය brake පාගාගෙන ඉස්සරහට ඇදිල යන්න නොදී එකවට ගමන් කරන්න පුළුවන් තරම් දුරකින් වාහනය නවත්තගන්න එක.
⚠️තව දෙයක් තමයි නිවැරදි කාල වලදී brake oil මාරු කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලින් මේ ලෙඩේ ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්.
⚠️ඉතින් පාවිච්චි කරපු වාහනයක් ගනිද්දී ටිකක් ප්රවේශම් වෙන්න ඕනේ. මොකද මේක ලක්ෂ 4 ක් විතර වෙන repair එකක් වෙන්න පුළුවන්.
❗️අපි මේ වාහනයේ ග්රේඩ්ස් ගැන කතා කරොත් ප්රධාන වශයෙන් Base , F , L , S ලෙස වර්ග වෙනවා. මේ ග්රේඩ්ස් වල වෙනස්කම් මොනවද කියල පින්තුරෙයේ තියෙන වගුවෙන් බලන්න පුළුවන්.
❗️මේ වාහනයේ ආරක්ෂාව ගැන කතා කරොත්
🔸Electronic Stability Control,
🔸ABS And Driveline Traction Control,
🔸Side Impact Beams,
🔸Dual Stage Driver And Passenger Seat-🔸Mounted Side Airbags,
🔸Airbag Occupancy Sensor,
🔸Outboard Front Lap
🔸Shoulder Safety Belts
වගේ දේවල් අන්තර්ගත වෙනවා.
Honda dashboard warning lights හා ඒවායින් කියවෙන තේරුම තවත් ලිපියකින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා.😊😊
Published On: November 17th, 2020 / Categories: Uncategorized /

Subscribe To Receive the latest articles

Provide your email with us. We will email you the latest tips and articles.

Thank you for your message. It has been sent.
There was an error trying to send your message. Please try again later.

We do not share your email with outsiders.