වාහනවලට යොදන petrol ගැන සෑහෙන දෙනෙක් කතාවෙනව. 92 සහ 95 octane. වර්ග දෙක. පෙට්රල් වාහන පාවිච්චි කරන බොහෝ දෙනෙකුට මේ ප්රශ්ණය තියෙන්න පුළුවන්.
❌ගොඩක්ම පිරිසක් හිතාගෙන ඉන්නේ 95 කිව්වම 92ට වඩා හොඳයි කියලා. ඇ‌ත්තටම ඉහළ ඔක්ටේන් අගයෙන් අදහස් කරන්නේ ඉහළ සම්පීඩන අනුපාතයක් තුල පෙට්රල් දහනය කිරීමට දක්වන ප්රමාදවීම. මේක වාහනය නිෂ්පාදකයාගේ නිර්දේශ කිරීමක් මත තමයි තීරණය වෙන්නේ.
🛑ඔක්ටේන් 91/92 වාහන වලට ඔක්ටේන් 95 petrol බාවිතා කිරීමෙන් වෙන්නේ නිකං අමතර මුදල් නාස්ති වීමක්. නමුත් තරමක සැහැල්ලු ගතියක් එන්ජිමට දැනෙන්නත් පුළුවන්. හැබැයි ඉහළ ඔක්ටේන් ගණනක් නිර්දේශිත වාහනයකට අඩු ඔක්ටේන් ගණනක petrol භාවිත කරොත් නම් එන්ජිමට ලොකු හානියක් වෙන්න පුළුවන්. මොකද 92 petrol piston එක ඇතුලේ සම්පීඩනය වෙනකොට,plug එකෙන් spark වෙන්න කලින් petrol හා air මිශ්රණය දහනය වීමට ඉඩ තිබීම නිසා. එහෙම උනාම එන්ජින් එක නොක් කරනවා. පස්සේ පස්සේ ඉතින් ලෙඩ.🛑
‼️දැන් තමන්ගේ වාහනේට සුදුසු ඔක්ටෙන් ගැන හොයාගන්නේ කොහොමද? ගොඩක් වාහනවල ඉන්දන ටැංකියේ පියනේ ඇ‌තල් පැත්තේ හරි මූඩියේ හරි “Unleaded Fuel Only” හරි “Premium Unleaded Only” එහෙමත් නැත්නම් “98 Octane Unleaded Only” කියලා ස්ටිකරයක් අලවලා තියෙනවා. අන්න එහෙම නැත්තන් ඉතින් වාහනේ manual එක කියවලා බලන්න වෙනවා. 😀😀
⚠️91- octane Unleaded petrol (Standard)
මේ වර්ගයේ පෙට්රල් ඔක්ටේන් 91 හෝ 92 ලෙස ශ්රේණිගත කරලා තියෙනවා.වාහනයේ ඉන්දන පියනේ ‘Unleaded Fuel Only’ කියලා ස්ටිකරයක් අලවලා තියෙනවනම් නම් ඒ‌ වර්ගයේ වාහනවලට මේ පෙට්රල් යෙදීම සුදුසුයි.
⚠️E10 –
Ethanol 10% පෙට්රල් වලට 10% ක ප්රතිශතක් එතනෝල් එකතු කරලා තමයි මේ ඉන්ධන වර්ගය හදල තියෙන්නේ. කාබියුරේටර් ආපු වාහනවලටනම් දැනුමේ හැටියට මේක අදාළ වෙන්නේ නෑ . නමුත් E 10 කියලා තියෙනවනම් එහ ඉන්ධන වර්ගය යොදන්න සැලකිලිමත් වෙන්න. ඔක්ටේන් 91 භාවිත වෙන වාහනයකට E 10 හොයාගන්න බැරි උනොත් ඔක්ටේන් 95 grade එකට යන එක සුදුසු වෙනවා. මොකද filters සහ injectors වලට හානි වෙන්න පුළුවන්.
⚠️95- octane Unleaded petrol (Premium)
ගොඩක් වෙලාවට යුරොපීය වාහන වලට භාවිත කරන්න වෙන්නේ මේ ඉන්ධන වර්ගය තමයි. නමුත් ‘Premium Unleaded Fuel Only’ කියලා ස්ටිකරයක් අලවලා තියෙනවනම් නම් ඒ‌ වර්ගයේ වාහනවලට මේ පෙට්රල් යෙදීම සුදුසුයි. මෙහම සඳහන් කරලා තියෙන වාහෙනකට ඊට වඩා පහල ඒ කියන්නේ ඔක්ටේන් 91 වගේ භාවිතා කරොත් ලොකු ප්රශ්නයක් වෙන්න පුළුවන්.😁
⚠️98-octane Unleaded petrol
බොහෝ විට turbo charged හෝ super charged සහ Gasoline Direct Injection (GDI)සහිත මෝටර් රථ නිෂ්පාදකයින් විසින් ඔවුන්ගේ වාහන සඳහා විශේෂයෙන් ඉල්ලා සිටින petrol වර්ගය ලෙස සඳහන් කරන්න පුළුවන්. අඩු ඔක්ටේන් ඉන්ධන යෙදීම මගින් piston තුල පිපිරීම් සහිතව දහනය වෙන්න පුලුවන්.🔥🔥ඒ‌වගේම එන්ජින් උෂ්ණත්වය ඉහළ යාමට පුලුවන්.ඒ‌ විතරක් නෙවෙයි එන්ජිම තුල ඇ‌ති ලෝහ කොටස් ඔරොත්තු දිය නොහැකිව කැඩිලා යන්නත් පුළුවන්. 😁
⚠️E85 –
Ethanol 85% ක් සමග ඉන්ධන මිශ්රණයක් තමයි මේක. ‘Fuel Flex’ කියලා සඳහන් කරලා තියෙන වාහන වලට පමණක් මේ ඉන්ධන වර්ගය භාවිත කරන්න සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද වෙන වාහනේකට ගහලා ආයේ start කරන්නත් බැරි වෙන්න පුළුවන්. 😁
Published On: November 17th, 2020 / Categories: Services, Tips /

Subscribe To Receive the latest articles

Provide your email with us. We will email you the latest tips and articles.

Thank you for your message. It has been sent.
There was an error trying to send your message. Please try again later.

We do not share your email with outsiders.