Toyota කියන්නේ ලංකාවේ ගොඩක් ප්රචලිත වාහන මාදිලියක් කියල අමුතුවෙන් කිව යුතු නැහැනේ. Toyota මාදිලියේ වාහන වලින් Toyota 141 කියන්නෙ සුවිශේෂී වාහනයක්. Petrol වාහනයක් වන මෙය, එහි ඇති උසස් තත්වයේ නිමාව මෙන්ම ඉහල ඉන්දන කාර්යක්ෂමතාවය නිසා බොහෝ දෙනෙකුගේ තේරීමක් වෙලා තියෙනවා.
ඒ වගේම Models කීපයකින්ම මෙම රථය ලංකාවට ගෙන්වනවා. මේ Models හරි හැටි තෝරාගන්නේ කොහොමද කියන එක ගොඩක් අයට තියෙන ප්රශ්නයක්. ඒ නිසාම සමහර වෙළෙන්දන්ගේ කූට උපක්රම වලට අසු වන අවස්ථාද නැතිවාම නොවෙයි. මේ ලිපියෙන් ඔබට අවශ්ය එම මුඋලික දැනුම ලබා දීමයි අපේ උත්සාහය.
2006 සිට 2012 දක්වා නිෂ්පාදනය වූ Toyota 141 වාහන ශ්රී ලංකාවේ දක්නට ලැබෙනවා. ප්රධාන වශයෙන්ම X හා G ග්රේඩ් වර්ගීකරණය කරයි. ඒ වගේම මෙහි වැගන් රථය Corolla Fielder ද ලංකාවේ භාවිතා වෙනවා. පහතින් දැක්වෙන්නේ ලංකාවේ භාවිතා වන 141 මාදිලි වර්ග.
1. X Grade – 1.5cc vvti Engine(NZE 141 2WD)
2. G Grade – 1.5cc vvti Engine(NZE 141 2WD)
3. Luxel – dual vvti 1.8cc (ZRE-142 2WD) සමග triptonic ගියර් තියෙනවා.
4. Corolla Fielder (Wagon)
ඉහත 2wd වාහන මාදිලි වලට අමතරව 4wd මාදිලිද වෙළඳ පොලෙහි අලෙවි වනවා. පිටතින් බැලූ බැල්මට එක සමාන වුවත් මිලෙන් වෙනස් නිසා 4wd මාදිලි හඳුනා ගැනීම ඉතාම අවශ්ය දෙයක්. NZE -144 ලෙස සඳහන් වෙන්නේ 4wd රථ. එසේ වුවත් Luxel මාදිලිය පමණක් triptonic ජියර් පද්ධතියකින් සමන්විතයි.
◾️X ග්රේඩ් හා G ග්රේඩ් පහසුවෙන් හඳුනා ගනිමු.◾️
X සහ G වර්ග වල බොහොමයක් සමානකම් ඇත. Basic options ලෙස Power shutters, Power mirrors, Dual Airbags, Automatic Gears මෙම වර්ග දෙකෙහිම දක්නට ලැබේ. නමුත්, X ග්රේඩ් රථයට වඩා බොහෝ options(පහසුකම්) G ග්රේඩ් රථයේ දක්නට ලැබේ.
G ග්රේඩ් වල Push Start (යතුර නොමැතිව ස්විචයක් මගින් Start කිරීමේ හැකියාව) හා Touch AC (කරකවීම් සීරු මාරු වෙනුවට බොත්තම් මගින් AC ක්රියා කරවීම) දැකිය හැකි අතර X වල සාමාන්ය Remote key හා අතින් හැසිරවිය හැකි AC Regulating system එකක් දැක ගන්න පුළුවන්.
G Grade වල සියලු විදුරු නිකල් බීඩින් වලින් සමන්විත වෙනවා. ඒ වගේම පිටුපස අංක තහඩුවේ ලයිට් එක තියෙන ප්ලස්ටික් පටියේද නිකල් බීඩින් එකක් තියෙනවා. G ග්රේඩ් වල lead lights beam එක adjust කරන්නත් පුළුවන්. අමතරව Scoop lights එන වාහනත් තියෙනවා. පිටුපස Lights ගැන කතා කරොත් වර්ග දෙකකින් 141 model එක ඇවිල්ලා තියෙනවා. මේ සියුම් වෙනස් කම් නිරීක්ෂණය කර ඔබට ඉතා පහසුවෙන් වාහනයේ Genuine එනම් නිවැරදි මාදිලිය සොයා ගැනීමට පුළුවන්.
Published On: November 16th, 2020 / Categories: Reviews /

Subscribe To Receive the latest articles

Provide your email with us. We will email you the latest tips and articles.

Thank you for your message. It has been sent.
There was an error trying to send your message. Please try again later.

We do not share your email with outsiders.