Site Loader

අදත්  Spanner Hub වලින් ඕගොල්ලොත් එක්ක කතා කරන්න සුදානම් වෙන්නේ ECON button එක ගැන. මේකේ ක්‍රියාකාරිත්වය, කොයි වගේ වෙලාවල් වලදීද වැදගත් වෙන්නේ කොහොමද මේකේ වැදගත්කම වගේ කරුණු කිහිපයක් ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.

මොකද්ද මේ ECON button එක කියන්නේ ?

සියලුම වාහන නිෂ්පාදකයන්ම වගේ නවීන තාක්ෂනය උපයෝගී කරගෙන වාහන නිෂ්පාදනය කරන්න පෙළඹුනේ අද ඊයේ නෙමෙයිනේ. ඉතින් උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවක් වගේම පරිසර හිතකාමිත්වය වගේ කරුණු ගැන ගොඩක් වෙලාවට සැලකිලිමත් වෙනවා. ඉතින් ECON button එකත් මේවගේ අලුත් තාක්ෂණයත් එක්ක ආපු option එකක් කිව්වොත් හරි.

ECON button එක ON කරාම ඇත්තටම මොකද වෙන්නේ??

Fuel Injection එකට මොකද වෙන්නේ ?

ECU එක සෑම විටම engine එකට කොපමණ fuel inject කළ යුතුද කියන එක පාලනය කරනව.driving pattern එක ඒවගේම දේශගුණ වෙනස්වීම් වගේ දේවල් වලට අනුකුලව ඉතා හොඳ performance එකක් දෙන්න වාහනෙන් නියමිත අගයකට අනුව fuel injection එක සිද්ද වෙනවා. ඉතින් මේ විදියට ඉන්ධන ඉතුරු කරගන්න ECON button එක පාවිච්චි කරලා පුළුවන්.

Air condition system එකට මොකද වෙන්නේ?

අපි හිතන්නේ නැති උනාට වාහනේ AC unit එකට ගොඩක් ඉන්ධන අවශ්‍ය වෙනවා. මොකද AC compressor එකට අවශ්‍ය කරන බලය දෙන්න ඕනේ නිසා. ECON button එක ON කරාම AC එක තවත් හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවකින් වැඩ කරන්න ගන්නවා. cabin එක cool උනාම automatically compressor එක OFF වෙලා fan එකෙන් cool එක ලබාදෙනවා.

Throttle position එකට මොකද වෙන්නේ?

ඉස්සර වාහන වල accelerator cable එක වෙනුවට අලුත් වාහන වල throttle body එකක්නේ.  engine control unit එකෙන් throttle body එකට තියෙන සන්වේදී ගතිය අඩු කරනවා. ECON button එක ON කරල තියෙන වෙලාවට throttle body එක විවෘත වෙන්නේ අඩුවෙන්. මෙය ඉන්ධන විශාල ප්‍රමාණයක් ඉතිරි කරන්න උදව් වෙනවා. 

Cruise control on කරාම ECON එකෙන් වැඩක් තියනවද?

cruise control තියෙන වාහනයක cruise control ON කරල තියෙද්දී ECON button එක ON කරලා තියෙනවනම් සාමාන්‍ය වේලාවකදී වගේ gears සුපුරුදු පරිදි පහලට යන එක වළක්වනවා. ඉතින් හොඳ ඉන්ධන පිරිමස්මක් සිද්ධ වෙනවා. 

Transmission system එක

ECON mode එක ON වෙලා තියෙනවනම් gears මාරු වෙන වෙලාවල් වල පොඩි වෙනසක් ECU එකෙන් සිදුකරනවා. ඉතින් වාහෙනේ ගොඩක් high RPM වලට යන්න නොදී ඊළඟ gear එකට මාරුවෙලා ඉන්ධන ඉතුරුවක් කරනවා. 

ECON button එක පාවිච්චි කරන්න නුසුදුසු වෙලාවල් තියෙනවද?

ECON  button එක සුපරි උනත් මේ button එක භාවිතා නොකළ යුතු අවස්ථා කිහිපයක් තියෙනවා. මේ වෙලාවල් වලදී ඉන්ධන පරිභෝජනය වැඩි කරන්නත් පුළුවන්.

  • ගොඩක් රස්නේ දවස් වලදී 
  • Highway එකේදී හොඳ performance එකක් බලාපොරොත්තු වෙනවනම්
  • වාහනයක් ඉස්සර කරන්න සුදානම් වෙනවනම් 

වගේ අවස්තාවලදී වැඩිපුර ඉන්ධන දහනය වීමක් සිද්ධ වෙන්නත් පුළුවන්.

ඉතින් අදත් අපි Spanner Hub වලින් කතා කරේ ඕගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් ගැන.ඉතින් මේ ලිපියේ මොනවහරි අඩුපාඩු තියෙනවනම් නිවැරදි කරන්න. Page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. තව කෙනෙක්ට දැනගන්න share කරන්න. අපේ spannerhub youtube channel එකත් එක්කත් එකතු වෙන්න කියල ආරාධනා කරනවා. ඉත්වත් දවසක අලුත් ලිපියකින් හමුවෙමු.

සුබ දවසක්  

Vidushan

23 Replies to “HONDA econ button ගැන ඔබ දැනුවත්ද?”

  1. Pingback: viagra 100mg price
  2. Pingback: cheap cialis
  3. Pingback: buy generic viagra

Leave a Reply

Your email address will not be published.

වඩාත් පරිස්සම් ගමනාන්තයකට ඔබත් ඔබගේ වාහන සිහිනය වඩාත් පලදායි ලෙස ඉටු කර ගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිසුණු ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබ මිලදී ගන්නට යන වාහනයේ සබැ තත්ත්වය මනාව අවබෝධ කරගන්න. නිරන්තර භාවිතයේදී වාහනය පිළිබදව ඔබ සැලකිලිමත් විය යුතු කරුණු ආදී වැදගත් කරුණු රාශියක් පිළිබඳ මනා අවබෝධයක් ලබාගන්න

Skip to toolbar