Site Loader

අදත් spanner hub වලින් කතා කරන්න සුදානම් වෙන්නේ ඔගොල්ලොන්ට් ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන මාතෘකාවක් ගැන. 

Nissan navara කිව්වම කොයි කාටත් මතක්වෙන්නේ මාර options ටිකක් තියෙන වාහනයක් ගැන. එත් අපෝ NAVARA ද මහා ලෙඩ ගොඩක් ඕක කියල බොහෝදෙනා අතර තියෙන මතයක් ඕගොල්ලෝ අහල ඇති.

 අද අපි කතා කරන්නේ NAVARA කැබ් එකේ තියෙන විවිධ වර්ගයේ මාදිලි වගේම තියෙන ලෙඩ මොනවද ඒවාට අපි මොනවද කරන්න ඕනේ වගේ කරුණු කාරණා ගැන ටිකක් කතා කරන්න. 

NAVARA කැබ් ගැන කතා කරදදී මුලින්ම කියන්න වෙන්නේ මේකේ parts ඔක්කොම japan උනාට assemble කරන්නේ Thailand, UK , Singapore , Malaysia වගේ රටවල. Japan වලත් කරනවා. 

D 40 series එකේ ගොඩක්ම එන්නේ 2.5L  YD25 එහෙමත් නැත්තම් YD30 engine එක.  

ඔය chassis(චැසිය) දිරනවා කියන ප්‍රශ්නේ තියෙන්නේ UK model එකේ. මොකද ඒ රටවල හිම කාලෙට හිම දියවෙන්න කියල දාන chemical වර්ග නිසා තමයි ඉක්මනට චැසිය දිරන්න ගන්නේ. UK model එකක් නම් තියෙන්නේ ටිකක් සෝදිසියෙන් ඉන්න එක වැදගත්. අනෙත් රටවල assemble කරලා එන වාහන වල මේ ප්‍රශ්නේ නෑ .  

1. Nissan Navara Aventura 

2. Nissan Navara Outlaw 

3. Nissan Navara SE , LE  

මේ කියන models  තුන තමයි ප්‍රධානම වර්ග වෙනස්  වෙන්නේ. 

දැන් අපි මේ වර්ග තුන එකිනෙකට වෙනස් වෙන විධිය ගැන කතා කරමු. 

options ගැන කතා කරනවානම් 

leather seats 

Electric front seats

Electric sunroof 

heat  seaters වගේම 

ගොඩක් වෙලාවට automatic gearbox වලින් එන්නේ Nissan Navara Aventura කියන model එක. 

Nissan Navara Outlaw ගැන කතා කරනවානම් fabric seats වගේම 6 speed manual gearbox එකක් තමයි ගොඩක් වෙලාවට මේ වර්ගයේ වාහන වලට එන්නේ. 

Nissan Navara SE , LE  කියන්නේ normal basic options විතරක් තියෙන side mirrors, door handles කළු පාටින් එන කැබ් එකක්. මේක ගොඩක් රළු භාවිතයට එහෙම සුදුසුයි. 

DIE-HARD model එක තමයි  NAVARA කැබ් එකේ තියෙන highest ම grade එක. මේවා ටිකක් අඩුවෙන් තමයි ලංකාවේ තියෙන්නේ. 

මොකද්ද මේවයේ තියනවා කියන ලෙඩ??

NAVARA කැබ් එක හරියටම තිතට maintain කරන්න ඕනේ  වාහනයක්. gear oil, engine oil , turbo එක, ඒවගේම චැසිය ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ.  parts ටිකක් ගණන් නිසා වියදම් කරන්න වෙන අවස්ථාත් තියෙනවා. 

Common rail  turbo engine එකක් තියෙන නිසා Diesel ගහනකොට super diesel ගහන්නම ඕනේ. ගොඩක්ම ලෙඩ එන්නේ ඔය diesel ප්‍රශ්නේ නිසා. EGR එකේ ගැටළුවක් එන කතාවත් මේකෙන් විසඳෙනවා.  අදිනවා මදිකම, දුම වගේ ගොඩක් කරදර නැතිවෙනවා. 

ගොඩක් අයට ඇවිල්ල තියෙන ප්‍රශ්නයක් තමයි turbo එකට එන horse එකක් පුපුරනවා කියන කතාව. මේ පොඩි horse එක සාමාන්‍යයෙන්  කිලෝමීටර ලක්ෂ 2ක ට කිට්ටුවෙන්න එනකොට මේ horse එක පුපුරලා radiator head එකත් පුපුරනවා. ඉතින් මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත්කමින් හිටියොත් වාහනේ කිසි ලෙඩක් නැතුව දුවන්න පුළුවන්. 

ඉතින් අදත් SpannerHUB , අපි කතා කරේ ඕගොල්ලොන්ට ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. තවත් වටිනා ලිපියකින් නැවත හමුවෙමු. 

Vidushan

23 Replies to “NAVARA මහා ලෙඩ ගොඩක් ද ?”

  1. Pingback: brand name viagra
  2. Организация «РосЭком» может помочь разработать – создать Паспорт благоустройства, переработать, исправить допущенные ошибки, добавить высаженные растения, внести изменения и утвердить в государственных органах паспорта благоустройства. Создать паспорт благоустройства территории в Москве. Мы совершенствуемся, в 2017 году организовали новое направление и теперь помогаем получать и закрывать порубочные билеты в охраны окружающей среды и Департаменте природопользования города Москвы.

Leave a Reply

Your email address will not be published.

වඩාත් පරිස්සම් ගමනාන්තයකට ඔබත් ඔබගේ වාහන සිහිනය වඩාත් පලදායි ලෙස ඉටු කර ගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිසුණු ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබ මිලදී ගන්නට යන වාහනයේ සබැ තත්ත්වය මනාව අවබෝධ කරගන්න. නිරන්තර භාවිතයේදී වාහනය පිළිබදව ඔබ සැලකිලිමත් විය යුතු කරුණු ආදී වැදගත් කරුණු රාශියක් පිළිබඳ මනා අවබෝධයක් ලබාගන්න

Skip to toolbar