Site Loader

අද  spanner hub  වලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ  වාහනයක් කොහොමද jump ස්ටාර්ට් කරන්නේ කියලා. jump start කරනවා කියල ප්‍රධාන වශයෙන් කරන්නේ තවත් වහනයක් උදව් කරගෙන cable ආධාරයෙන් එන්ජිම start කරන එක. manual transmission වහනයක් නම් තල්ලු කරලා හරි පල්ලමකට දාල හරි start කරගන්න පුළුවන්. අද අපි මේ ක්‍රම දෙක කරන්නේ කොහොමද කියල කතා කරමු. ගොඩක් අයට පළපුරුද්දක් තිබුනත් වැදගත් වෙයි කියලා හිතනවා.  

රූප වල පෙන්වල තියෙන ආකාරයට නිවැරදිව කරදරයක් වෙන්නේ නැතුව වාහනේ start කරගන්න පුළුවන් වෙයි.

1 රූපය – අතරමැද පළුදු නොවුණු  සුදුසු jumper cable එකක් සොයාගන්න. 

2 රූපය – jumper cable එක පහසුවෙන් හැසිරවිය ආකාරයට වාහන දෙක නතර කරගන්න උත්සහ කරන්න. හොඳට ඉඩකඩ තියාගන්න පුළුවනම් ගොඩක් හොඳයි. පසුව  වාහන දෙකම N gear එකට දාල parking brake (අපේ වචනෙන් කියනවනම් hand brake) ඇදල තියන්න. battery එක හොඳ වහනයේ එන්ජිම නවත්තන්න සැලකිලිමත් වෙන්න මොකද බැරි වෙලාවත් current short එකක් අවොත් start කරලා තියෙන වාහනයක් ගිනි ගන්න වගේ අවදානම් සහගත අවස්ථා ඇතිවෙන්න පුළුවන්. 

3 රූපය –  මේ රූපයේ පෙන්නලා තියෙන්නේ වාහන දෙකේම battery terminals  හොඳට පිරිසුදු කරගන්න කියන එක. සමහරවෙලාවට ලුණු එහෙම බැඳිලා තිබ්බම වැඩේ කරගන්න අමාරුයි. තවත් දෙයක් තමයි අරාක්ෂාකාරී වෙන්න පුළුවන්නේ පෙර සුදානම තියෙන නිසා. 

4 රූපය – battery එක බැහැපු වාහනයේ හොඳ යකඩ කොටසක් අපි ඍන (-)  වයර් එක සම්බන්ද කරන්න තෝරාගන්න ඕනේ කියල තමයි මේ රූපයෙන් කියන්නේ. ගොඩක් අය battery terminal එකටම මේක සම්බන්ද කරන්න පෙළඹිලා තියෙනවා. එත් ඒ ක්‍රමය battery එකේ ආයු කාලේ අඩුවෙන්න පුළුවන් හේතුවක්. 

5 රූපය – රූපයේ දක්වල තියෙන ආකාරයට battery එක බැහැල තියෙන වාහනයේ + ධන terminal එකට cable එකේ clip එක සම්බන්ද කරන්න.

6 රූපය – අනිත් +ධන clip එක battery එක හොඳ වාහනයේ +ධන terminal  එකට සම්බන්ධ කරන්න.

7 රූපය – රූපයේ ආකාරයට (ඍන – ) clip එක battery හොඳ වාහනයේ  (ඍණ -) terminal එකට සම්බන්ද කල යුතුයි. 

8 රූපය –  කලින් 4 රූපයෙ පැහැදිලි කරපු විදියට පිරිසුදු කරගත්ත එන්ජීමට සම්බන්ද යකඩ කොටසට ඉතිරි (ඍන -) clip එක සම්බන්ද කරාම වැඩේ හරි.

දැන් මුලින්ම කරන්න තියෙන්න අනිත් වාහනේ start කරන එක. වැරදිලාවත් බැහැපු battery එක තියෙන වහනේනම් start කරන්න එපා දන්නවනේ හොඳ battery එකත් බැහැල තමයි නවතින්නේ. 

start කරගත්තට පස්සේ  විනාඩි 3ක් විතර idle එකේ තියල අනිත් වාහනේ start කරන්න ඕනේ. ඊටපස්සේ charge  වෙන්න ටික වෙලාවක් සstart එකේ තියන්න. 

ඊටපස්සේ තියෙන්නේ ගහපු cable ගලවන එක. එක දැන් අපි කරපු පිළිවෙලේ සම්පුර්ණ අනිත් පැත්තට තමයි ගලවන්න ඕනේ. 

1 – යකඩ කොටසට සම්බන්ද clip එක 

2 – battery එක හොඳ වහනයේ ( ඍන -) terminal එකට සම්බන්ද clip එක 

3 – battery එක හොඳ වහනයේ ( ධන +) terminal එකට සම්බන්ද clip එක

4 – battery බැහැපු වාහනයේ  (ධන +) terminal එකට සම්බන්ද clip එක

හැබැයි මේ ක්‍රමය දැන් අලුතෙන් එන hybrid වාහන වලට අනුමත කරන්නේ නෑ . මොකද alternator එක battery එකත් එක්ක තියෙන ඍජු සම්බන්දය නිසාම ECU එකට උනත් හානි වෙන්න පුළුවන් කියල තමයි කියන්නේ. 

සාමාන්‍ය ඕනෙම petrol හරි diesel හරි manual gear වාහනයක්  පල්ලමක තල්ලු කරලා start කරන්නත් පුළුවන්. ignition ON කරලා සාමාන්‍ය තැනිතලාවක gear එක 2nd එකට වගේ දාල clutch එක පාගාගෙන තරමක වේගයක් ආවම clutch එක අතාරියාම start කරගන්න පුලුවන්නේ.

Vidushan

10 Replies to “වාහනයක් කොහොමද jump ස්ටාර්ට් කරන්නේ”

  1. Pingback: cialis 20mg

Leave a Reply

Your email address will not be published.

වඩාත් පරිස්සම් ගමනාන්තයකට ඔබත් ඔබගේ වාහන සිහිනය වඩාත් පලදායි ලෙස ඉටු කර ගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිසුණු ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔබ මිලදී ගන්නට යන වාහනයේ සබැ තත්ත්වය මනාව අවබෝධ කරගන්න. නිරන්තර භාවිතයේදී වාහනය පිළිබදව ඔබ සැලකිලිමත් විය යුතු කරුණු ආදී වැදගත් කරුණු රාශියක් පිළිබඳ මනා අවබෝධයක් ලබාගන්න

Skip to toolbar